21 වන සියවසට පා තබන ලෝකයට අද නැතුවත් බැරි ඇතුවත් බැරි තාක්ෂණය දුරකථනය ලෙස නම් කළාට වරදක් නැතැයි සිතේ. ලෝකය පුරා සෑම රටකම කාර්යාලීය අඩුවැඩි වශයෙන් යොදා ගත්තත් අත්‍යවශ්‍ය භාණ්ඩ අතරට අද දුරකථනය එක්වී තිබීම එහි අත්‍යවශ්‍යතාවය මැනවින් පිළිබිඹු කරයි. දුරකථනයෙන් නිතරම කතා කරන ඔබට එහි උපත සහ එහි කි‍්‍රයාකාරිත්වය පිළිබඳව බොහෝ දේ නොදැන සිටින්නට පුළුවන. ලෝකය තාක්ෂණ ජාලාවකින් වෙළාගත් අවදියක සන්නිවේදන ජාලය පුළුල් වත්ම තලබානුව (දුරකථනය) ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම්බෙල් එය සොයා ගත්තත් සමග ලෝකයේ සන්නිවේදනය අපූරු මගකට යොමුවීමෙන් දුරකථනයට අද්විතීය ස්ථානයක් නිතැතින් හිමි විය. තවද මෙය විවිධ හැඩයන්ගෙන් හා විවිධ වර්ණවලින් විවිධ ප‍්‍රමාණවලින් නිර්මාණය කර ඇති අතර, ඕනෑම තැනකට අතේ ගෙන යා හැකියාව ද ඇත.
ඔබ දන්නවාද දුරකථනයේ ඇමතුම් පැඩලයෙන් (DIALING PAD) රිසිවරය අතට ගෙන හිතවතෙකුට ඇමතීමට සූදානම් වන විට විදුලි තරංගයක් විදුලි සංදේශ මධ්‍යස්ථානය වෙත ගමන් කරනු ලබයි. එවිට රිසීවරයෙන් කතා කිරීමට හැකිවන හඬක් නිකුත් වේ. (DIAL TONE) එවිට අප ඇමතුම් ලබා ගැනීමට සූදානම් බව ඇඟ වූ විගස අවශ්‍ය අංකයන් කරකවා මුඛය තබන කොටස (MOUTH PIECE) මගින් කතා කළ යුතුය.මුව තබන කොටස සියුම් පටලයකින් වැසී ඇති අතර, ඒ තුළ කුඩා කාබන් කැට ඇත. අප කතා කරන විට හඬේ දෙදරීම මෙම කැටවල වදින විට සංකෝචනය (හැකිලීම) හා ප‍්‍රසාරණය (විශාලවීම) සිදුවනු ලබයි.මෙය සිදු වන්නේ කට හඬේ අඩු වැඩිවීම අනුවයි. මෙහි දී පුංචි ඔබ කතා කරන හඬ ඔබ අමතන අනෙක් පාර්ශවයට ඇසෙන්නේ කණ තබන කොටසිනි.අප අංකයක් කරකැවූ විගස විදුලි සංදේශ මධ්‍යස්ථානයේ ඇති පරිගණක මගින් හඳුනා ගැනීම සිදු කරන අතර, ස්වයංකී‍්‍රය යතුරු ක‍්‍රමය මගින් අපට අවශ්‍ය පුද්ගලයාට ඇමතුම සම්බන්ධ කෙරේ. විශාල ආයතනවල මෙවැනි මධ්‍යස්ථාන ඇති අතර, දුරකථන කි‍්‍රයාකරවන්නෙකු ද සිටියි.
ඔහු විසින් සියලුම ඇමතුම් සම්බන්ධ කරනු ලබයි.නව තාක්ෂණ ජාලයත් සමග තම නිවසේ සිට ඕනෑම තැනකට හෝ රටකට කතා කිරීමට හැකිවන අතර පෙර මෙන් ඩයලය කරකවනවා වෙනුවට අවශ්‍ය අංකය මත ඇඟිලි තුඩු තබා තද කිරීම තුළින් අවශ්‍ය කාර්යය සිදු කර ගත හැකි වේ. මෙහි දී මේ සඳහා මෙතෙක් යොදා ගත් කේබල්වලට අමතරව (ඔප්ටිකල් පයිබර්) තුළින් විශාල වශයෙන් පණිවුඩ යැවීම සිදු කරනු ලබයි.
ලෝකය පුරා දුරකථන පණිවිඩ යැවීම ව්‍යාප්තවීමත් සමග අප රටේ ද 1976 වසරේ නොබැඳි සමුළුවත් සමග චන්ද්‍රිකා මධ්‍යස්ථාන දෙකක් පිහිටු වූ අතර ප‍්‍රථම මධ්‍යස්ථානය පාදුක්කේ පිහිටවනු ලැබීය. ඉන් පසු පිහිට වූයේ කොටුවේ චන්ද්‍රිකා මධ්‍යස්ථානයයි. මෙමගින් ලෝකයේ අනෙකුත් රටවල් අපට ද දුරකථන මගින් සම්බන්ධවීමට අවස්ථාව උදා විය. තව දුරටත් මෙම ක‍්‍රමය වේගවත් දියුණුවක් ඇති කිරීම සඳහා මුහුදු යටින් රට රටවල් හරහා කේබල් ඇද ඒ තුළින් පණිවිඩ හුවමාරුව වේගවත් වන්නට විය.ඔබ දන්නවාද අප රට තුළ අද වන විට ගෘහස්ථ දුරකථන සමාගම් 03 ක් හා ජංගම දුරකථන සමාගම් 04 ක් පිහිටුවා ඇති බව.
මේ සියලුම සමාගම්වලට තමන්ට උවමනා අයුරින් කටයුතු කළ නොහැක. මෙම සමාගම් පාලනය වනුයේ විදුලි සංදේශ කොමිසම මගිනි. මෙම දුරකථන කි‍්‍රයාවලියේ දී කතා කිරීමේ දී අය කරන ගාස්තු අඩු වැඩි කිරිම හා දුරකථන සම්බන්ධව වැදගත් තීරණ ගැනීමේ සියලුම අයිතිය විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සතු වේ. අප රට තුළ සෑම අස්සක් මුල්ලක් නෑර දුරකථන පහසුකම් ව්‍යාප්ත කිරීම සඳහා සම්පේර්ෂණ කුළුණු උපයෝගී කර ගනිමින් තරංග කි‍්‍රයාකාරිත්වය වැඩි දියුණු කොට දුරකථන පහසුකම් සලසා ඇත. මේ සියලුම දුරකථන පණිවිඩ සිදුවනුයේ ස්වයංකී‍්‍රය විනිමය මධ්‍යස්ථාන තුළිනි.
අපගේ ගෘහයන් සඳහා දුරකථන ගැනීමේ දී බොහෝ දුරට උපයෝගී කර ගන්නේ කම්බි මගින් වුවද එම කම්බි ප‍්‍රධාන මාර්ගයේ ගමන් කරන කම්බිවලට සම්බන්ධ කළ යුතු වන්නේ පුඩු / ලූප්ස් මගිනි.ඔබ සමහර විට නොදන්නවා විය හැකියි අප රට තුළ දුරකථන මුලින්ම පැමිණීම හා ව්‍යාප්ත වූ අයුරු.තව දුරටත් එම ව්‍යාපෘති ආරම්භ කළ වර්ෂයන් ද පහත දැක්වේ.
1. 1858 ප‍්‍රථම විදුලි සංදේශ පරිපථ සම්බන්ධතාවය කොළඹ සිට ගාල්ල අතර ඉදි කරන ලදී.
2. කොළඹ සහ ඉන්දියාව අතර ප‍්‍රථම විදුලි සංදේශ පරිපථය 1858 රටවල් දෙකේ එකඟතාවය මත ගොඩනගන ලදී.
3.1880 වේ දී තැපැල් සහ විදුලි සංදේශ ආයතන දෙක ඒකාබද්ධ කර රජයේ සේවාවට එක් කරන ලදී.
4. 1895 දී ප‍්‍රථම සබ්මැරීන් කේබලය (මුහුද යටින්) ඉන්දියාව සහ ලංකාව අතර ඇද දුරකථන පණිවිඩ හුවමාරුව විධිමත් කරන ලදී.
5. 1896 දී ඔරියන්ටල් දුරකථන සමාගම සමග එහි ස්වයංකී‍්‍රය නොවූ විනිමය මැනුවෙල් (MANUAL EXCHANGE) ලංකා රජයට පවරා ගැනීම සිදු විය.
6. 1911 සී. ටී. ඕ. (C. T. O.) මධ්‍යම විදුලි පණිවුඩ හුවමාරුව ආරම්භ කරන ලදී.
7. 1931 ස්වයංකී‍්‍රය විදුලි සංදේශ විනිමය මධ්‍යස්ථානය කහවත්තේ දී ආරම්භ විය. (රත්නපුර දිස්ති‍්‍රක්කය)
8. 1935 විදේශ අන්තර් ජාතික දුරකථන සේවාව ආරම්භ කිරීම සිදුවීම.
9. 1941 විදුලි සංදේශ සේවාව කේබල් සහ වයර්ලස් (CABLE AND WIRELESS) සමාගමට භාර දෙනු ලැබීම.
10. 1951 දී කේබල් සහ වයර්ලස් සමාගම රජයට පවරා ගන්නා ලදී.
11. 1963 දී ටෙලෙක්ස් සේවාව අප රටට හඳුන්වාදීම (විදුලි පණිවිඩ හුවමාරුව)
12. 1976 අප රටේ ප‍්‍රථම චන්ද්‍රිකා මධ්‍යස්ථානය පාදුක්කේ පිහිටුවීම.
13. 1980 තැපැල් සහ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ආයතන දෙකක් බවට පරිවර්තනය කිරීම.
14. 1981 ප‍්‍රථම ස්වයංකී‍්‍රය ප‍්‍රධාන විනිමය (MASTER EXCAHANGE) ස්ථාපනය කිරීම.
15. 1985 SEA - ME - WE 1 අන්තර් ජාතික සබ්මැරීන් කේබලය සමග සම්බන්ධවීම (මෙතුළින් අන්තර් ජාතික සම්බන්ධකම් වැඩි දියුණුවීමට හේතු විය.)
16. 1991 ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සංස්ථාවක් වශයෙන් ස්ථාපනය කරන ලදී.
17. 1993 දෙවෙනි පෘථිවි චන්ද්‍රිකා මධ්‍යස්ථානය කොළඹ - කොටුවේ පිහිටවනු ලැබීම.
18. 1994 SEA - ME - WE 2 අන්තර් ජාතික සබ්මැරීන් කේබල හා එක්වීම තුළින් දුරකථන පහසුකම් වැඩි දියුණු විය.
19. 1995 මුළුමනින්ම (ඩිජිටල් 3 වන පෘථිවි මධ්‍යස්ථානය පාදුක්කේ දී ආරම්භ විය.)
20. 1996 ඉන්ටනෙට් සහ ඊමේල් සේවාව හඳුන්වාදීම ඊට අමතරව ටෙලිකොම් සමාගමක් ලෙස පරිවර්තනය කිරීම.
21. 1999 SEA - ME - WE 3 ඩිජිටල් දෘෂ්‍ය තන්තු(DIGITAL CAPTICOL FIBRE) අන්තර් ජාතික කේබලය හා එක්වීම තුළින් නව තාක්ෂණ ජාලය කරා ගමන් කිරීම.
>>>>
දුරකථනය අද